වර්ෂ 2022 ක්වූ May 29 වැනිදා Sunday
ඉන්ස්ටග්රෑම් අංක එක

ප්රියංකා චොප්රා මේ වන විට බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේත් ජනප්රියත්වයක් දිනා ගැනීමට සමත් වී සිටින නිළියක්. ඒ අනුව පසුගියදා ඇය ඉන්ස්ටග්රම් හි වැඩිපුරම සෙවූ බොලිවුඩ් තරුව බවට පත් වූවාය. ශ්රද්ධා කපූර්, දීපිකා පදුකෝන් සහ කත්රිනා කයිෆ් ඇයට පිටිපසින් සිටින අනෙකුත් බොලිවුඩ් තරු බවට පත් වූහ. එසේම මිලියන 72.3ක් සමඟින් ප්රියංකා වැඩිම සාමාජිකයන් පිරිසක් සිටින බොලිවුඩ් තරුව ද වේ.
ඇය පසුපසින් සිටින ශ්රද්ධා කපූර් හට දැනට සාමාජිකන් මිලියන 68.5 ක් සිටින අතර සාමාජිකයන් මිලියන 63.4ක් සමඟින් දීපිකා පදුකෝන් තුන්වැනි ස්ථානයට පත්ව සිටී. සාමාජිකයන් මිලියන 60.4ක් සමඟින් කත්රිනා කයිෆ් සිව්වැනි ස්ථානයට පැමිණ ඇති අතර ඉන්ස්ටග්රම්හි මිලියන 58.3ක සාමාජිකයන් සිටින අක්ෂේ කුමාර් හට හිමි වී තිබෙන්නේ පස්වැනි ස්ථානයයි.