වර්ෂ 2022 ක්වූ May 24 වැනිදා Tuesday
නරකම විවේචනය

සාරා අලි ඛාන් 'කේදර්නාත්' සහ 'සිම්බා' සමඟ බොලිවුඩයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වූවාය. ඒ අනුව ඇය ඉමිතියාස් අලිගේ 'ලව් ආජ් කල්' (2020) චිත්රපටය සමඟ තවත් ජයග්රහණයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කළද අවාසනාවකට එය අසාර්ථක වී දරුණු විචාර හිමි විය. ඉමිතියාස් අලි විසින් අධ්යක්ෂණය කර සයිෆ් අලි ඛාන් සහ දීපිකා පදුකෝන් රඟපෑ 'ලව් ආජ් කල්' (2009) චිත්රපටයේ දෙවැන්න ලෙසින් නිර්මාණය කළ එහි සාරා සහ කාර්තික් ආර්යන් රංගනයෙන් දායක වූහ. ඒ වන විට සාරා සහ කාර්තික් ආර්යන් පෙම්වතුන්ව සිටි බවටද කටකතා පැතිර ගියේය.
කරන් ජොහාර්ගේ නවතම ප්රසංගයේදී 'ලව් ආජ් කල්' චිත්රපටයේ රංගනය වෙනුවෙන් ඇයට ලැබුණු නරකම විවේචනය ගැන සාරා කතා කළාය. එහිදී එක් විචාරකයෙකු විසින් තමා නිරාවරණය වූ බව සටහන් කිරීම, ඉතා අශෝභන ලෙස තමාට හැඟුණු බව ඇය හෙළි කළාය. ඇයගේ නවතම චිත්රපටය 'අත්රංගි රේ' නරඹන විට තම මාපියන් වන සයිෆ් අලි ඛාන් සහ අම්රිතා සිං හැඟීම්බර වූවා මෙන්ම සහෝදරයා වූ ඊබ්රහිම් තමා ගැන ආඩම්බර වූ බව ද ඇය පැවසුවාය.