රැෆෙලාගේ සෙලිබ්‍රිටි කැලැන්ඩරය 10 වැනි වරටත්

ජනවාරි 6, 2022

මෙරට කලා ශිල්පී ශිල්පිනියන්ගේ ඡායාරූප කැලැන්ඩරය "Raffealla Fernando Celebrity Calendar ලෙසින් 10 වැනි වරට 2022 වසර සඳහා නිකුත් වීමට නියමිතයි. ඒ එළඹෙන 08 වැනිදා සන්ධ්‍යාවේ කොළඹ ප්‍රසිද්ධ හෝටල් පරිශ්‍රයක නිරෝධානය නීතිරීතිවලට අනුකූලවය.

රවීන්ද්‍ර රන්දෙණිය, සංගීතා වීරරත්න, දමිතා අබේරත්න ඇතුළු කලාකරුවන් 29 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙවර කැලැන්ඩරය හැඩ කිරීම සඳහා සහභාගී වන අතර නවමු සංකල්ප රැසක් සමඟින් මෙවරත් කැලැන්ඩරය නිම කොට ඇත.

මෝස්තර නිර්මාණ ශිල්පිනියක් සහ ඡායාරූප ශිල්පිනියක් වන රැෆෙලා ප්‍රනාන්දු ලංකාවේ ජනප්‍රිය කලා ශිල්පීන් සහ ශිල්පිනියන් වෙනස්ම ආකාරයකින් හැඩගන්වා ඡායාරූප ගත කර එම සේයාරූ එකතුවක් කැලැන්ඩරයක් ලෙස සෑම වසරකම එළිදක්වයි. පසුගිය වසරවලදී රැෆෙලා ප්‍රනාන්දුගේ සේයාරූ සරසවිය කවරයද හැඩ කළේය.