තිර රචකයින්ගේ සංසදය සඳහා එක් වීමට ආරාධනා

දෙසැම්බර් 30, 2021

ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණවල සාර්ථකත්වට මූලික දායකත්වයක් දක්වන තිර රචකයින්ගේ සංසදයක් අභිනවයෙන් නිර්මාණය කිරීම සඳහා වූ මූලික සාකච්ඡාවක් පසුගිය 10 වන දින ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්විණ. එහිදී තීරණය වූයේ සිනමාව පමණක් නොව රූපවාහිනී තිර රචකයන්ගෙන් ද සමන්විත වූ පුළුල් එකමුතුවක් නිර්මාණය කිරීමටයි. ඔබ විසින් සිනමා හෝ රූපවාහිනී නිර්මාණයක් වෙනුවෙන් තිර පිටපතක් ලියා එම නිර්මාණය තිරගත වී හෝ විකාශය වී ඇත්නම් පමණක් ඔබ මේ සඳහා සුදුසුකම් ලබයි. එලෙස ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදයේ සාමාජිකත්වය ලබා ගැනීමට සුදුසුකම් ඇත්තෙක් නම්, 0772758318 (සුනිල් ප්‍රේමරත්න) හෝ 076 6443364 (සුනෙත් මාලිංග ලොකුහේවා) යන අංකයන්ට ඔබගේ නම, ලිපිනය සහ ඔබගේ නිර්මාණ පිළිබඳව කෙටි විස්තරයක් වට්ස්ඇප් මඟින් ලබා දෙන ලෙස සංවිධානය ඉල්ලා සිටි.