රයිගම් උලෙළ මාර්තුවේ

දෙසැම්බර් 30, 2021

රයිගම් 17 වැනි ටෙලි සම්මාන උලෙළ මාර්තු මස 25 දින කොළඹ ෂැංගි‍්‍රලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය 2020 -2021 යන දෙවර්ෂය වෙනුවෙන් වෙන වෙනම සම්මාන පිරිනැමෙන, මෙවර සම්මාන උලෙළේ 2021 වසර සඳහා නිර්මාණ භාර ගැනීමේ අවසාන දිනය ලබන ජනවාරි 15 වැනිදාය. උලෙළට පුර්වයේ පිරිනැමෙන නිර්දේශ නාම රාත්‍රිය පෙබරවාරි 25 වැනි දින කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වයි.

මේ බව පැවසූයේ කිංඩම් ඔෆ් රයිගම් සභාපති ආචාර්ය රවී ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹ පදනම් ආයතනයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදීය. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක කිශාන් තියෝඩර්, විනිශ්චය මණ්ඩල සභාපති බුද්ධදාස ගලප්පත්ති, සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තාරක රන්වල මොබිටෙල් ප්‍රධාන සේවා නිලධාරී ෂංවෝං යන මහත්වරු එම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වුහ.

 

ජයග්‍රාහකයින් තෝරාගැනීම

උලෙළ සඳහා ඉදිරිපත් වන සියලු නිර්මාණ නිපුණ හා ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගැයීමට ලක් කෙරේ. ඒ අනුව ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන්, කලාකරුවන්ගෙන් සහ විචාරකයන්ගෙන් සමන්විත වන පරිදි විනිශ්චය මණ්ඩලයක් පත් කර ඇත.

මෙවර සම්මාන පිරිනමනු ලබන්නේ ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන, රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන, ජනප්‍රිය සම්මාන වශයෙනි.

ජනප්‍රිය සම්මාන සඳහා මනාප ප්‍රකාශ කිරීම පහසු කිරීම සඳහාත් උලෙළ පිළිබඳ යාවත්කාලීන තොරතුරු නොපමාව නිකුත් කිරීම සඳහාත් අචඪඨචථ ඊඥතඥ’ඥඵ නමින් ජංගම දුරකතන යෙදවුමක් (ර්ධඡඪතඥ ඒනන) ද ක්‍රියාත්මක වේ. මෙම යෙදවුම ර්‍ථතචර ඉබධපඥ හරහා බාගත කර ගත හැකිය. 2022 පෙබරවාරි මස 25 දින සිට 2022 මාර්තු මස 25 දින මධ්‍යම රාත්‍රිය දක්වා මෙම ඉර්ඉ මත විමසුම් විවෘතව පවතී. ඉර්ඉ යොමු කළ යුතු දුරකථන අංක ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරනු ඇත.

 

ජනගත සම්මාන කුලකය

මෙවර සම්මාන උලෙළ සඳහා අලුතෙන් හඳුන්වා දුන් සම්මාන කුලකයකි. ජනප්‍රිය සම්මාන සඳහා ජයග්‍රාහකයන් ප්‍රේක්ෂක මනාපයෙන් තෝරාගන්නා අතර වසර තුළ විකාශය වූ වැඩසටහන් අතුරෙන් වඩාත් ජනගත වූ ටෙලිනාට්‍යය, රූපවාහිනී මාධ්‍ය වැඩසටහන සහ ප්‍රවෘත්ති විකාශය සමීක්ෂණ දත්ත සහ නැරඹුම් වාර පදනම් කරගෙන පිළිගත් ක්‍රමවේදයකට අනුව තීරණය කරනු ඇත.

උලෙළ සඳහා ඉදිරිපත් කරන නිර්මාණ නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම්පත්‍රයක් ද සමඟ යොමු කළ යුතුවන අතර අයදුම්පත් තම නාලිකාවලින්, පහත සදහන් දුරකථන අංක ඇමතීමෙන් හෝ www.rigamtelees.lk පිටුවට පිවිසීමෙන් ලබාගත හැකිය.

මෙවර සම්මාන උලෙළ සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට අපේක්ෂිත නිර්මාණකරුවන් වැඩිදුර තොරතුරු සඳහා 0707061508 හෝ 0707061602 අංක මඟින් රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය අමතා නිර්මාණ භාරදිය හැකිය.

දු. ක. 0114886777, 0114886888

ඊමේල් [email protected] / [email protected]