පොත් පුවත්

දෙසැම්බර් 30, 2021

80 දශකයේ බෙල්වුඩ් අපි

 

දක්ෂ ශිලපීන් රැසක් කලා ලොවට දායාද කළ, ජාතික තරුණ සේවා සභාව මගින් 1980 දශකයේ දී ආරම්භ කරන ලද සංස්කෘතික කණ්ඩායම් සමූහයේ , “යොවුන් ගී ”,“යෞවන රංගන” සහ “පෙරදිග තූර්‍ය වාදක කණ්ඩායම ” සඳහා ඇතුළත් වූ සියලුම සමාජික සමාජිකාවන් එකමුතුවෙන් පැවැත්වීමට නියමිතව ඇති “80. බෙල්වුඩ් අපි ” සුහද හමුව වෙනුවෙන් එම පිරිස එක්රැස් කිරීමට සංවිධායක කමිටුව තීරණය කර ඇත. එබැවින් මේ පිළිබඳව දැනුවත් නොවූ ඉහත සඳහන් කණ්ඩායම් සඳහා ඇතුළත් වූ සියලුම සාමාජික සාමාජිකාවන් , එරින් විජේකෝන් 071 4299089 සහ දමයන්ති ගමගේ 071 3328132 යන ශිල්පීන්ගේ දුරකථන අංකයන් ඔස්සේ මෙම හමුවට සම්බන්ධ වන ලෙස කාරුණිකව ඉල්ලා සිටී.

- ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

------------------------------

 

 

සවනට ගී මධු දින දසුන් සහ දින පොත් නොමිලයේ

ශ්‍රී ලංකාවේ දීර්ඝතම සිනමා විචිත්‍රාංගය වන 'සවනට ගී මධු' නිෂ්පාදක මඩුල්ල 2022 නව වසරට සුබ පතමින් රසික රසිකාවන් වෙනුවෙන් දින දසුන් සහ දින පොත් නොමිලයේ ලබා දීමට කටයුතු සංවිධානය කර ඇත. නුගේගොඩ, මිරිහාන බුවනෙකබා මාවතේ අංක 55 දරන ස්ථානයේ පිහිටි කටහඬ මාධ්‍ය කේන්ද්‍රයෙන් හෝ 0773749767 දුරකතන අංකය ඇමතීමෙන් අදාළ දින දසුන් සහ දින පොත් ලබා ගත හැකි බව සවනට ගී මධු නිර්මාණ අධ්‍යක්ෂ, ප්‍රවීණ නිවේදක, කටහඬ නිර්මාතෘ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ පවසයි.

-------------------------

 

 

සසල මැදුර දොරට වැඩුම 07 දා

 

සම්මානනීය ලේඛක ගුණරත්න ඒකනායක විසින් රචිත 'සසල මැදුර' නවකතාව දොරට වැඩුම ලබන ජනවාරි 07 වැනිදා බොරැල්ල සුපිරි වෙළෙඳ සංකීර්ණයේ පළමු වැනි මහලේ අංක 30 දරණ ස්ථානයේදී සිදු කෙරේ. නවකතා, කෙටි කතා, විචාර කෘති, යොවුන් නවකතා, ළමා කතා සහ උපදේශනාත්මක කතා ලෙසින් කෘති රැසක් ඔහු විසින් රචනා කර ඇති අතර 'සසල මැදුර' ඔහුගේ 104 වැනි කෘතියයි.

----------------------

 

 

Final Answer?

සිරස ටීවි ඔස්සේ විකාශය කෙරෙන සිරස ලක්ෂපති වැඩසටහන ඇසුරින් රචිත Final Answer? කෘතිය එළිදක්වා ඇත. සිරස ප්‍රකාශනයක් ලෙසින් නිකුත් වූ මෙම කෘතියට සිරස ලක්ෂපති වැඩසටහන් මාලාවෙන් තෝරා ගත් ප්‍රශ්න 2000ක් සහ එහි නිවැරදි පිළිතුරු ඇතුළත් කර ඇත.ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වූ සිරස ලක්ෂපති වැඩසටහන එඩධ ඹචදබඵ බධ ඡඥ ච ථඪතඪධදචඪපඥ නම් බ්‍රිතාන්‍ය වැඩසටහන අනුසාරයෙන් නිර්මාණය වූවකි.