වර්ෂ 2022 ක්වූ May 28 වැනිදා Saturday
සිනමාවේ පුරෝගාමී කලාකරුවන්ට සම්මාන පිදුමක්

කතානාද සිනමාවේ ආරම්භක දශකයේ සිංහල සිනමාවට අනුපමේය සේවයක් කළ කලාකරුවන් 21දෙනෙකු සඳහා සම්මාන පිරිනැමිමක් පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදි සිදුකෙරිණි. හරිත ලවන ආයතනය එක්ව චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් සනෝජා බිබිලේ ලේකම් ධුරය දරන සිල්වර් ස්ක්‍රින් පදනම මෙම සම්මාන උලෙළ සංවිධානය කර තිබුණි. පද්මිනි දහනායක, මල්ලිකා පිලපිටිය, ආනන්ද වීරකෝන්, උපසේන විමලවීර, මල්ලිකා කහවිට, සුජාතා පරමනාදන්, ස්වර්ණා අබේරත්න, ප්‍රේමකාන්ති සායක්කාර, සුනිලා ජයන්ති, ආතර් යු අමරසේන, හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස්, සුගතපාල සෙනරත් යාපා යනාදීහු මෙහිදී සම්මාන ලැබූහ. අයිරාංගනි සේරසිංහ, ක්ලැරිස් ද සිල්වා, ලතා වල්පොල, උදුලා දාබරේ, බර්ටි ගුණතිලක, අයේෂා වීරකොන්, සුජාතා අත්තනායක, චාන්දනි අයිලින්, සීතා නානායක්කාර සම්මාන ලැබූ විසිඑක්දෙනා අතර වූහ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගේ මෙන්ම රවීන්ද්‍ර රන්දෙණිය, ගීතා කුමාරසිංහ ප්රමුඛ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් පසුගිය දින සම්මාන උලෙළ පැවත්විණි. මෙම උලෙළ සංවිධානය සඳහා පියවර ගත්තේ තම පියා වූ අභාවප්‍රාප්ත සිනමා නළු සුමිත් බිබිලේගේ අදහසකට අනුව බව දියණිය සනෝජා බිබිලේ පැවසුවාය.
සටහන-නිශ්ශංක විජේරත්න
මාධ්‍ය සම්බන්ධීකරණය හා ජායාරූප-උපුල් නිශාන්ත