වර්ෂ 2022 ක්වූ May 28 වැනිදා Saturday
විසංගමනයට තවත් සම්මාන
දෙසැම්බර් 23, 2021

රන්ජන් ප්රසන්න නිර්මාණය කළ විසංගමනය සිනමාපටය සඳහා තවත් අන්තර්ජාතික සම්මාන සහතික ද්විත්වයක් ලැබී තිබේ. ස්වීඩනයේ ස්ටොක්හෝම් සිටි චිත්රපට උලෙළේ අධ්යක්ෂවරයාගේ කුළුඳුල් චිත්රපට අංශයේ හොඳම චිත්රපටය ලෙස එය සම්මානයට පාත්ර විය. එමෙන්ම ඉන්දියාවේ පෝර්ට් බ්ලෙයාර් සම්මාන උලෙළේ හොඳම චිත්රපටය වූයේද විසංගමනයයි. විසංගමනය මහේෂ් විජේරත්නගේ නිෂ්පාදනයකි. අශාන් ඩයස්, සමනලී ෆොන්සේකා, සේමිණී ඉද්දමල්ගොඩ, ඩග්ලස් රණසිංහ, චරිත් අබේසිංහ, නිරෝෂන් විජේසිංහ, විසංගමනයේ නළුනිළියෝය. උපාලි ගම්ලත්ගේ තිර රචනයකි.