සිරිල් ඒ. සීලවිමල සමුගෙන එකොළොස් වසරක් සපිරේ

දෙසැම්බර් 2, 2021

කීර්තිමත් පුවත්පත් කලාවේදියකු මෙන්ම ජනකාන්ත ගීත රැසක් ලියූ ප්‍රවීණ ගීත රචකයකු වූ සිරිල් ඒ. සීලවිමල මිය ගොස් දෙසැම්බර් 04 වැනි දිනට එකොළොස් වසරක් සපිරේ. රිවිරැස සහ දවස පුවත්පත්වල කර්තෘත්වය දරමින් මාධ්‍ය මෙහෙවරක නිරත වූ සිරිල් ඒ. සීලවිමල ජනප්‍රිය චිත්‍රපට හා සරල ගී රැසක් මෙරට සංගීත ක්ෂේත්‍රයට දායාද කළේය. '‍මෝහෙන් මුළා වෙලා', 'මෙත් මල් පිබිදේවා', 'සුදෝ පොඩ්ඩක් හඬන්න', 'හොඳ සිරියාවයි ආකාසේ', 'දෝතින් දෝතයි', ' සන්සුන් රුවන් හද මන්දිරයේ', 'මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්' වැනි ගීත මෙන්ම පසුගිය කාලයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගත් 'හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි' සහ 'රාජ මාලිගේ පරෙවියා වගේ' ගීත ද රචනා වූයේ සිරිල් ඒ සීලවිමලයන්ගේ අතිනි.