වර්ෂ 2022 ක්වූ May 20 වැනිදා Friday
ජෝනාස් ඉවත දැමු ප්‍රියංකා දික්කසාද කතාවක

පසුගිය සතියේ ප්‍රියංකා චොප්රා ඇගේ දෙවැනි වාසගම වන ජෝනාස් සිය සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඉවත් කිරීමෙන් පසුව දික්කසාද වීම පිළිබඳ පුවත පැතිරෙන්නට විය. ඒ සමඟ ඔවුන් දෙදෙනාට ආදරය කරන රසික රසිකාවන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔවුන්ගේ විවාහය යහපත් වේවායි කළ ප්‍රාර්ථනාවලින් පිරෙන්නට විය. කෙසේ වෙතත්, ඇගේ මව වන වෛද්‍ය මධු චොප්රා මෙම කටකතා ප්‍රතික්ෂේප කර සිටියේ ඒවා 'කුණු' ලෙස හඳුන්වමිනි.
කෙසේ වෙතත්, සියල්ලට පසු සෑම දෙයක්ම හොඳීන් ඇති බව පෙන්වීමට ප්‍රියංකා චොප්රා ද නික් ජෝනාස්ගේ ව්‍යායාම වීඩියෝවක් සිය ඉන්ස්ටග්රම් ගිණුමට එක් කළාය. ඉන්ස්ටග්රම් හි නික්ගේ නවතම සටහනට ප්‍රියංකා සිත්ගන්නාසුලු අදහස් දැක්වීමක් කළ අතර එමඟින් තම ප්‍රියතම යුවළ තවමත් එකට සිටින බව රසිකයෝ විශ්වාස කළහ. මේ අතර ප්‍රියංකා 'ද මෙට්රික්ස් රෙසුරෙක්ෂන්' හි ඇගේ චරිත පෝස්ටරය ද නිකුත් කළාය.