වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
යෞවන චිත්රපට උලෙළේ සම්මාන ප්රදානය අද
නොවැම්බර් 25, 2021
ජාතික තරුණ සේවා සභාව නව වැනි වරටත් සංවිධානය කරන යෞවන චිත්රපට සම්මාන උලෙළ අද සවස 3.00 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වීමට නියමිතය. සම්මාන උලෙළට සමගාමීව පැවැත්වූ යෞවන චිත්රපට උලෙළ පසුගිය 24 සහ 25 යන දෙදින බොරැල්ල නාමෙල් මාලනි පුංචි තියටර් හිදී පැවැත්වුණි. කෙටි චිත්රපට 13 ක් හා වාර්තා චිත්රපට 8ක් එහිදී අවසාන ප්රදර්ශනය සඳහා තෝරාගෙන තිබුණි.