චිත්‍රකතා පොත් ප්‍රදර්ශනයක් බොරැල්ලේදී

නොවැම්බර් 25, 2021

චිත්‍රකතා පොත් සමඟින් නවකතා, කෙටිකතා, ජනප්‍රිය ශිල්පීන්ගේ චරිත කතා, අධ්‍යාපනික ප්‍රකාශන, නාට්‍ය පිටපත් ඇතුළත් පොත් ප්‍රදර්ශනයක් දැන් බොරැල්ල, සුපිරි වෙළෙඳ සකීර්ණයේ, අංක 7/35 දරණ ස්ථානයේ පිහිටි නිර්මල ප්‍රකාශන ආයතනයේදී පැවැත්වේ. දෙසැම්බර් මස 17 දක්වා උදෑසන 8.30 සිට සවස 6.00 දක්වා මෙම ප්‍රදර්ශනය විවෘතව පවතී. දිවයිනේ ජනප්‍රිය චිත්‍ර ශිල්පීන් වන බන්දුල හරිස්චන්ද්‍ර, ජනක රත්නායක, දයා රාජපක්‍ෂ, සරත්මධු, ඇන්ටන් බී. පෙරේරා, තලංගම ජයසිංහ, අනුර ශ්‍රීනාත්, සුමතිපාල ජෝතිපාල, අනුර විජේවර්ධන, බන්ධුල කුමාර, ප්‍රගීත් අබේධීර, ටී.ඩී. අබේසූරිය, ඉන්ද්‍රජිත් රංජන් දන්තනාරායන, සරත් කවිරත්න, ෆිලික්ස් පෙරේරා, ගුණපාල ජයලත්, රත්නසිරි මුණසිංහ, සිනෙත් බැද්දගේ, ජානක ඉලුක්කුඹුර, අරවින්ද සේනාධීර, ජූඩ් ශ්‍රීමාල් ඇතුළු ශිල්පීන් රැසකගේ චිත්‍රකතා පොත් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වේ.