ජනකරළිය මුද්‍රණද්වාරයෙන්

නොවැම්බර් 25, 2021

ගමින් ගමට ගිය රංග යාත්‍රාව 'ජනකරළිය' සහමුලින් අලළා රංග මනුප්‍රිය ලියූ පර්යේෂණ කෘතියේ සිංහල දෙමළ ඉංග්‍රීසි ප්‍රකාශන දොරට වැඩුම සහ මතක පොතේ ජනකරළිය යූ- ටියුබ් සහ වෙබ් නාළිකා එළිදැක්වීමේ සම්මන්ත්‍රණය නොවැම්බර් 28 වැනිදා සවස 4.00 ට zoom ඔස්සේ පැවැත්වේ. මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, සෞම්‍ය ලියනගේ, නිපුණි ශාරදා, සාමිනාදන් විමල්, රංග මනුප්‍රිය, පරාක්‍රම නිරිඇල්ල, අදහස් දක්වන අතර ජයනාත් බණ්ඩාර සම්මන්ත්‍රණය මෙහෙයවයි.