රුක්මණී දේවි ප්‍රසංගයක් හෙට

නොවැම්බර් 25, 2021

රුක්මණි දේවි අනුස්මරණ සංගමය මඟින් සංවිධානය කළ රුක්මනී දේවි ගුණඅනුස්මරණ සංගීතමය සැඳෑවක් මෙම මස 26වැනිදා සවස 1.30ට බොරැල්ල සුදර්ශි ආයතනයේ ගාමිණී ෆොන්සේකා සමරු ශාලාවේදී පැවැත්වේ. එයට සමගාමීව අශෝක වීරසේකර ප්‍රකාශයට පත් කරන හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් රචනාකළ අභියෝග මැදින් පිහිටූ රුක්මණී දේවි අනුස්මරණ සංගමය කෘතිය එළිදැක්වේ. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල, ජනාධිපති අධ්‍යක්ෂ (මහජන) කපිල ගුණසිංහ යන පිරිස ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වෙති. ප්‍රසංගය නිවේදනයෙන් මෙහෙයවනු ලබන්නේ සංගමයේ සභාපති/නිර්මාතෲ හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් සහ සභාපති මංගලා පෙරේරා විසිනි.