වර්ෂ 2022 ක්වූ May 20 වැනිදා Friday
දෙසැම්බරයේ මංගල්‍යය

නවතම බොලිවුඩ් පුවත් ගෙන එන්නේ බොහෝ කාලයක් බලා සිටි කත්රිනා කයිෆ් සහ විකී කෞෂාල්ගේ විවාහ මංගල්‍යය දෙසැම්බර් මාසයේදී සිදුවනු ඇති බවයි. කෙසේ වෙතත් තවමත් යුවළ එම පුවත තහවුරු කර නොමැත. මෑතකදී විකී ඔහුගේ අනාගත බිරියට තිබිය යුතු ගුණාංග මොනවාදැයි වැඩසටහනකදී හෙළි කළේය. ඔහු පැවැසුවේ තම අනාගත බිරිය තමාට නිවසේ සිටින බව දැනෙන කෙනෙකු විය යුතු බවයි. එසේම යුවළක් ලෙස ඔවුන් අතර මනා අවබෝධයක් තිබිය යුතු බවත් පැවසීය.
සල්මන් ඛාන් කත්රිනාගේ ඉතා සමීපතම මිතුරෙකු බව නොරහසකි. කෙසේ වෙතත් සල්මන් ඛාන්ට විකී කෞෂාල් සහ කත්රිනා කයිෆ්ගේ විවාහ මංගල්‍යය මඟ හැරෙනු ඇති බවත් බොලිවුඩ් වාර්තා අතර වේ. එම වාර්තාවලට අනුව ඔහුගේ ඉදිරි චිත්‍රපටය වන 'ටයිගර් 3' රූගත කිරීම්වල කාර්යබහුල වනු ඇත. චිත්‍රපට නිෂ්පාදක කබීර්ගේ නිවසේ පැවති රොකා උත්සවයටද සල්මන් සහභාගී නොවූ බවත් වාර්තා වේ.