ආදරණීය ආභරණය

නොවැම්බර් 25, 2021

ප්‍රියංකා චොප්රා ජෝනාස් පවසන්නේ ඇයගේ විවාහ ගිවිස ගැනීමේ මුදුව තමාට ඉතා සුවිශේෂී බවයි. විලාසිතා සඟරාවක් සමඟ මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රියංකා හෙළි කළේ ඇයගේ විවාහ ගිවිස ගැනීමේ මුදුව තමා සතු වඩාත්ම ආදරණීය ආභරණය බවයි. එම මුදුව තම ආදරණීයම ආභරණය ලෙස සඳහන් නොකළහොත් තම සැමියා තමා මරා දමන බවත් පැවසූ ඇය පසුව සිනාසෙමින් කියා සිටියේ තමා විහිළුවක් කළ බවයි. ඇය පවසන්නේ මෙම මුදුව බොහෝ මතකයන් හා බැඳී ඇති බැවින් එය සුවිශේෂී වන බවයි.

ඉන්දීය රුපියල් කෝටි 2ක වටිනාකමින් යුතු ප්‍රියංකාගේ විවාහ ගිවිස ගැනීමේ මුදුව නික් විසින් මිලදී ගෙන තිබෙන්නනේ නිව් යෝර්ක් නගරයේ පිහිටි සුඛෝපභෝගී ස්වර්ණාභරණ වෙළෙඳ සැලක් වන ටිෆනි වෙතිනි. නික් ජොනස් පවා විවිධ අවස්ථාවලදී මෙම මුදුව ගැන කතා කර ඇති අතර දුටු පළමු අවස්ථාවේදීම ඔහුට එය විශේෂ වූ බවත් පවසා ඇත. ප්‍රියංකා සහ නික් දෙදෙනාම කාර්යබහුල වෘත්තීය ජීවිතයක් ගත කළත් ඔවුන්ට කාලය ලැබෙන සෑම විටම එක්ව සිටීමට වග බලා ගනී. මෑතකදී ඔවුන් දීපවාලි උත්සවය සැමරූ අතර ඒ සමඟ ගත් ආදරණීය පින්තූර අන්තර්ජාලයට ඒත් කොට තිබුණි.