ප්‍රීතිට මව් පදවිය

නොවැම්බර් 25, 2021

ප්‍රීති සින්ටා සහ ජීන් ගුඩ්ඉනෆ් 2016 පෙබරවාරි 29 වැනිදා පවුලේ සමීපතමයන් සමඟින් වූ චාම් උත්සවයකදී විවාහ වූහ. එතැන් පටන් සමාජ මාධ්‍ය ඔස්සේ තම විවාහ ජීවිතය පිළිබඳව යාවත්කාලීන කරමින් සිටි ඔවුහු පසුගියදා තම රසික රසිකාවන් සමඟ ජීවිතයේ වඩාත් සතුටුදායක පුවත බෙදා ගත්හ. එනම් ප්‍රීති සහ ජීන් ඔවුන්ගේ නිවුන් දරුවන් වන ජියා සහ ජායි සමඟින් මාපියන් බවට පත් වූ බවයි. ගර්භාෂ කුළියට ගැනීමේ ක්‍රමයෙන් පුතෙකු සහ දියණියක ඔවුන්ගේ කැදැල්ලට පැමිණියහ.

"අද අපගේ පුදුමාකාර පුවත ඔබ සියලු දෙනා සමඟ බෙදා ගැනීමට අවශ්‍ය වුණා. ජායි සින්ටා ගුඩ්ඉනෆ් සහ ජියා සින්ටා ගුඩ්ඉනෆ් වන අපේ නිවුන් දරුවන් සමඟ ජීන් සහ මම අතිශයින් ප්‍රීති වන අතර අපගේ හදවත් බොහෝ ආදරයෙන් පිරී ඇත. මෙම ඇදහිය නොහැකි ගමනේ කොටස්කරුවන් වීම ගැන වෛද්‍යවරුන්ට, හෙදියන්ට සහ අපගේ ආදේශක මවට හෘදයාංගම ස්තූතිය" ප්‍රීති සිය ඉන්ස්ටග්‍රම් ගිණුමේ සටහනක් යෙදුවාය.