හිලූෂගේ Lethal Bite එළිදකී

නොවැම්බර් 18, 2021

 

හිලූෂ හේවාගම අධ්‍යක්ෂණ කළ නවතම කෙටි චිත්‍රපටය "Lethal Bite " පසුගියදා wize tv  යූටියුබ් නාළිකාව තුළින් එළිදැක්විණි. මෙම කෙටි චිත්‍රපටය නිර්මාණය නිෂ්පාදනය කර ඇත්තේ තිලන්ක ප්‍රනාන්දු සහ සවින්දි මාපලගම නිෂ්පාදන සහාය සහිතව wize tv  නිෂ්පාදනයක් ලෙසය.

මෙම කෙටි චිත්‍රපටයේ කතා සංකල්පය වන්නේ 2029 දී කොරෝනා යුගය අවසන් වීමත් සමඟ ලංකාවේ ඇති වන විෂ සහිත ආහාර ප්‍රශ්නයයි. දැනටමත් ලංකාව ලෝකයේ විෂ සහිත ආහාර ගන්නා රටවල් අතර ප්‍රමුඛස්ථානය ලබාගෙන තිබෙන අතර මෑත කාලයේ කතාබහට ලක්වූ ආහාර ප්‍රශ්නය මේ සඳහා පාදක වී ඇත.

මේ නිර්මාණයේ විශේෂත්වය වන්නේ, කෙටි චිත්‍රපටය සඳහා රංගනයේ යෙදන එක්අයෙකු හැර සියලුදෙනා රංගන හැදැරූ හෝ රංගන ක්ෂේත්‍රයේ සිටින අය නොවීමයි. චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් ලෙස රියෝ හේරා , තවීෂී ඇල්ලේපොල, රසංගි රත්නායක, ප්‍රමෝද සසලංක දායක වෙති.