විමුක්ති ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ විනිශ්චයට

නොවැම්බර් 18, 2021

 

ලොව ඉහළ පෙළේ හා තරඟකාරී සිනමා උලෙළක් ලෙස සැලකෙන ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළේ මෙවර විනිශ්චය මණ්ඩල සාමාජිකයකු ලෙස සිනමාවේදී විමුක්ති ජයසුන්දර කටයුතු කරනු ඇත.

ඉන්දියාවේ ගෝවේ ප්‍රාන්තයේ පනාජි නගරයේ දී එලැඹෙන විසිවැනිදායින් ආරම්භවන උලෙළ විසි අට වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

සිනමාවේ විශිෂ්ටයින් අන්තර්ජාතික ඇගයීමට ලක් කෙරෙන ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළ ඉන්දියානු රජයෙන් කෙරෙන එකම සිනමා සම්මාන උලෙළයි.

ලාංකේය සිනමා භාවිතාවේ කලාත්මක පාර්ශ්වය නියෝජනය කරමින් සිනමා ගමන ඇරැඹි විමුක්ති ජයසුන්දර බිහිකළ සිනමාපට සියල්ලම පාහේ විචාරක ඇසට තදින්ම හසු විය. කාන් සිනමා උලෙළේ පැල්මිඩෝ සම්මානය ඔහුගේ මුල්ම සිනමාපටය වූ සුළඟ එනු පිණිස සඳහා ලැබිණි. අහසින් වැටෙයි, සුළඟ ගිනි අරන්, චත්‍රක්, යන චිත්‍රපට විමුක්තිගේ සෙසු නිර්මාණ අතර වේ.

ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළ සඳහා මීට පෙර සිනමවේදී ප්‍රසන්න විතානගේ සහ නිළි රැජන මාලිනි ෆොන්සේකා විනිශ්චයෙන් දායක වූහ. මෙවර එය පැවැත්වෙන්නේ 52වැනි වරටයි.