කලා භූෂණ රාජ්‍ය සම්මාන ප්‍රවීණයන් රැසකට...

නොවැම්බර් 11, 2021

සරසවිය සම්මාන ලාභී ප්‍රවීණ රංගනවේදිනී නදීකා ගුණසේකර, සංගීතවේදී සේනානායක වේරලියද්ද, නර්තනවේදී චන්න විජේවර්ධන, මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක, ඇතුළු කලාකරුවන් ජීවිත කාලය පුරා කලාව වෙනුවෙන් කළ අමිල මෙහෙය අගයනු වස් කලා භූෂණ රාජ්‍ය සම්මාන උලෙළ පසුගිය 03 වැනිදා ජාතික උරුම ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි උත්කර්ෂවත්ව පැවැත්විණි.

තිස්හයවැනි වරට පැවැත් වූ සම්මාන උලෙළේදී ශාන්ත කේ හේරත් (පුවත්පත්), සෝමසිරි මැදගෙදර (සංගීතය), අතුල රන්සිරිලාල් (රූපවාහිනිය), සමන් ද සිල්වා (සංගීතය), ලංකා රාජිනී ගුණසේකර (සංගීතය), ෂර්ලි වෛජයන්ත (සංගීතය), මහින්ද චන්ද්‍රසේකර(සාහිත්‍ය) මහාචාර්ය ලයනල් බෙන්තරගේ (නර්තනය) චන්ද්‍රරත්න මාපිටිගම (වෙනත්) චන්ද්‍රසිරි බෝගමුව (නාට්‍ය) ගාමිණී අම්බලන්ගොඩ (රංගනය), ප්‍රේමරත්න ධර්මසිරි (නර්තනය) තිලකා රණසිංහ (වෙනත්), ඇනස්ලි මාලවන (සංගීතය) ආර්. ඩී. ඒ රංජිත් ද අල්විස් (සංගීතය) කේ. බී. මහින්ද දිසානායක ( සාහිත්‍ය), ටී, එස්. පී. ද සිල්වා( සිනමාව), තිලක් ගොඩමාන්න (ඡායාරූප), පියසිරි ඩයස් නාගහවත්ත (සාහිත්‍ය), කලා ක්ෂේත්‍ර රැසක ප්‍රවීණයන් දෙසීය දෙනෙකු පමණ මෙහිදී ඇගයීමට ලක්කෙරිණ.

මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, ප්‍රවීණ රංගනවේදී රවින්ද්‍ර ‍රන්දෙණිය ඇතුළු කලාකරුවන් රැසක් හා රාජ්‍ය නිලධාරීන්ද සහභාගී වූහ.