විජය ලියූ එකම ගීය ගැයූ සන්ධ්‍යා වීරසිංහ මියයයි

ඔක්තෝබර් 14, 2021

 

 

විජය කුමාරතුංගයන් විසින් රචනා කරන ලද එකම ගීතය ලෙස සැලකෙන මුළු හදින්ම ඔබ මට ආදරෙයි- සදා නොවෙනස් වන ලෙසේ යන ගීතය ගායනා කරන ලද සන්ධ්‍යා විරසිංහ පසුගිය 5 වැනි දා අභාවප්‍රාප්ත වූවාය. ගුවන්විදුලි හඬ කැවීම් ශිල්පිනියක මෙන්ම බයිලා ගායිකාවක ද ලෙස පතළව සිටි ඇය ගායනා කරන ලද ගීත සංඛ්‍යාව විශාලය. රූප රේඛා, සිතේ හැඟුමන්, සීතල පින්නක, සොදුරු දසුනේ යන සංයුක්ත තැටි ඇයගේ ගායනයෙන් ඔපවත් ව තිබිණ. හරුන් ලන්ත්‍රා, ඉෂාක් බෙග්. සුර්ය කුමාර් මුත්තලගේ, එච්.ආර්.සොයිසා, ලලිත් පොන්නම්පෙරුම, නුවන් විජය ශ්‍රී හා සිරි සුසන්ත ඇය සමඟ යුග ගී ගායනා කළ ගායකයන්ය. මිය යන විට 62 හැවිරිදි වියේ පසු වූ සන්ධ්‍යා පුතුන් තිදෙනෙකුගේ හා එක් දියණියකගේ මවකි.