විජය ජන්ම දිනය 9 වැනිදා

ඔක්තෝබර් 7, 2021

සිංහල සිනමා ඉතිහාසයේ වඩාත්ම ආදරණීය රංගවේදියා ලෙස සැලකෙන විජය කුමාරතුංගයන්ගේ 76 වැනි ජන්ම දිනය ඔක්තෝබර් 9 වැනි දිනට යෙදී ඇත. විජය 1945 වසරේ උපන්නේය. 1988 වසරේ පෙබරවාරි මස 16 වැනි දින ඔහු ඝාතනය විය. හැත්තෑව දශකයේ ජනාකර්ෂණීය සිනමාවේ මෙන්ම සම්භාවනීය සිනමාකරුවන් බොහෝ දෙනෙකුගේ චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවක විජය ප්‍රධාන චරිතය රඟපෑවේය. හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි විජය රඟපෑ චිත්‍රපට අතර අබිරහස, අහස් ගව්ව, තුෂාරා, ජයසිකුරුයි, බඹරු ඇවිත්, මිහිදුම් සිහින, මදුසිහින, පාර දිගේ, බැද්දේගම, දියමන්ති, නැඩපතක ඡායා, හිතුවොත් හිතුවාමයි, උන්නත් දාහයි මලත් දාහයි, මමයි රජා, රජ වැඩ කාරයෝ ආදිය වෙයි.