හොඳම උපදෙස

සැප්තැම්බර් 16, 2021

 

බොහොමයක් බොලිවුඩ් නළු නිළියන් මේ වන විට සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වී සිටිනු දැකිය හැකියි. සායිෆ් අලි ඛාන් මේ අතර තරමක් වෙනස් පුද්ලයෙකු වී සිටී. පෞද්ගලිකත්වයට මුල්තැන දෙන ඔහු සමාජ මාධ්‍යයන්ගෙන් වැළකී විවේක කාලය නිවසේ රැඳී පොත් කියවීමට වැය කරන්නේය. පසුගිය දිනෙක සයිෆ් අලි ඛාන් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බොහෝ දෙනා නොදන්නා අලුත් දෙයක් හෙළි කළේය.

ඔහු හෙළි කළේ, අන්තර්ජාලය ඔස්සේ තමා ගැන පළ වූ දේ කියවන්නට පුරුදු වී සිටි බවත් ඇතැම් අවස්ථාවලදී සෘණාත්මක ප්‍රතිචාර තමන් කලබලයට පත් කරන බවත් ය. මේ වසර මුලදී ඔහු' ආදිපුරුෂ්' හි රාවන්ගේ චරිතය නිරූපණය කිරීම ගැන දැක්වූ අදහස් ඇතැම් ජන කොටස් හොඳීන් පිළිනොගත් අයුරු ද දැකගත හැකි විය. නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ සිටින සිය ආදරණීය බිරිය කරීනා කපූර් ඛාන් ඔහුට උපදෙස් දී තිබෙන්නේ එසේ කියවීම නවත්වන ලෙසයි. එය සැබැවින්ම සාර්ථක වෙමින් තිබෙන බව සයිෆ් එම සම්මුඛ සාකච්ඡාවේදී පැවසීය.