රන්වීර් පුංචි තිරයට

සැප්තැම්බර් 9, 2021

අමිතාබ් බච්චන්, ශාරුක් ඛාන්, සල්මන් ඛාන් සහ අමීර් ඛාන් රියැලිටි සහ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් පැවැත්වීමෙන් රූපවාහිනියට පිවිසි සුපිරි තරු කිහිප දෙනෙකි. ඔවුන් කාලයක පටන් රූපවාහිනී විකාශ කටයුතු සමඟ සාර්ථකව කටයුතු කළ අතර දැන් මෙම ලැයිස්තුවට එකතු වී සිටින්නේ රන්වීර් සිං ය. ඔහු 'ද බිග් පික්චර්' නම් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සමඟ සත්කාරකවරයකු ලෙස රූපවාහිනියට පිවිසෙනු ඇත.

රන්වීර් සිං පුංචි තිරය සමඟින් එක් වීම පිළිබඳ කියා සිටියේ, "කලාකරුවෙකු ලෙස මගේ ගමනේදී ආශාව, අත්හදා බැලීම සහ ගවේෂණය කිරීම විශේෂයි. ඉන්දියානු සිනමාව අවිවාදයෙන්ම මට සෑම දෙයක්ම ලබා දී ඇත. නළුවෙකු ලෙස මට මගේ දස්කම් විදහා දැක්වීමට එය වේදිකාවක් වූ අතර ඉන්දීය ජනතාවගෙන් ඉමහත් ආදරයක් ලැබීමට වාසනාවන්ත වීමි. දැන්, 'ද බිග් පික්චර්' සමඟ මගේ රූපවාහිනී මංගල දර්ශනය තුළින් ඔවුන් සමඟ අතිශයෙන්ම අද්විතීය හා සිත් ඇදගන්නාසුලු ආකාරයකින් සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙමි" යනුවෙනි.