රන්ජන්ට ජනාධිපති සමාවක් දෙන්නැයි කලාකරුවෝ ඉල්ලන්න යති

ජූලි 29, 2021

සිරගතව සිටින ජනප්‍රිය චිත්‍රපට ‍රංගන ශිල්පී රන්ජන් රාමනායක ජනාධිපති සමාව යටතේ නිදහස් කර ගැනීම වෙනුවෙන් කලා ක්ෂේත්‍රයේ සියලුම අංශ නියෝජනය කරන කලාකරුවන්ගේ අස්සනින් යුතු ලිපියක් අතිගරු ජනාධිපතිතුමා වෙත භාරදීම පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා වන මාධ්‍ය හමුව පසුගිය 27 වැනිදා මරදාන, මාළිගාවත්ත, රූබී සිනමා පරිශ්‍රයේදී පැවැත්විණි.

රන්ජන් රාමනායක විසින් කලා ශිල්පීන් වෙත ලියන ලද ලිපියකට අනුව ඔහු වෙත නිදහස ලබා දීම ඉල්ලීම වෙනුවෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පීන් රැසක් මෙයට සහභාගී විය. ජීවන් කුමාරතුංග, නදීකා ගුණසේකර, උදයකාන්ත වර්ණසූරිය, සුනිල් ටී ප්‍රනාන්දු, දිල්හානි අශෝකමාලා, අනූෂා දමයන්ති, බුද්ධික ජයරත්න, අර්ජුන කමලනාත්, ජනිත් වික්‍රමගේ සහ ගායක ගායිකා සංගමය නියෝජනය කරමින් සංගීතඥ සරත් ද අල්විස් මාධ්‍ය හමුවේදී අදහස් ප්‍රකාශ කළහ.

ඡායාරූපය - සුදත් මලවීර