හතළිහක් පිරුණු හතර දෙනෙක්

ජූලි 22, 2021

පසුගිය 17 වැනිදා සිනමාවේදී ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කරන ලද "සාගරයක් මැද" චිත්‍රපටයට වසර 40 සපිරිණි. 1981 ජුලි මස 17 වැනිදා තිරගත වුණු මේ සිනමා පටයෙන් කලා ක්ෂේත්‍රයට නවක කලාකරුවෝ හතර දෙනෙක් පය තැබූහ. ඒ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි, චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂ ආනන්ද අබේනායක, ජනප්‍රිය නළුවන් වන කමල් අද්දරාරච්චි සහ ශ්‍රියන්ත මෙන්ඩිස් ය. "සාගරයක් මැද" චිත්‍රපටය ආනන්ද අබේනායක විසින් නිෂ්පාදනය කරන ලද අතර ජයන්ත චන්ද්‍රසිරි, ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කමල් අද්දරාරච්චි එහි චරිත නිරූපණය කළහ. එබැවින් ඔවුන් සිවු දෙනාගේම කලා ජීවිතයට පසුගිය 17 වැනිදාට වසර හතළිහක් සපිරේ.