වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
විමලදාස පෙරේරා දිවි සිනමාවෙන් සමුගනී

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු, සහ ගීතරචකයෙකු වූ විමලදාස පෙරේරා මහතා පසුගිය 14 වැනිදා අභාවප්‍රාප්ත විය. මිය යන විය හෙතෙම 84 වැනි වියේ පසු විය.
ඒ මහතා වෘත්තීය චිත්‍රපට තිර පිටපත් රචකයෙකු, දෙබස් රචකයෙකු, ගීත රචකයෙකු, සහාය අධ්‍යක්ෂවරයෙකු, අධ්‍යක්ෂවරයෙකු ලෙස හා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වශයෙන්ද කටයුතු කර ඇති අතර වරෙක ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වශයෙන් ද කටයුතු කර තිබේ.
ඔහු ලියූ ගී අතර, පුන්සඳ හිනැහෙන්නේ වනමල් පිබිදෙන්නේ, මල්බර හිමිදිරියේ කොයිබද සමනලියේ, මැණිකේ ඔබේ සිනාවේ යන ගීත බෙහෙවින් ජනාදරයට පත්විය. ඒ මහතා විසින් රචනා කරන ලද සමස්ත ගීත සංඛ්‍යාව 150කට අධිකය. ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන්නේ 1971 වර්ෂයේ තිරගත වූ “සමනල කුමරියෝ” චිත්‍රපටයයි.
ඔහු 1974 වර්ෂයේ තිරගත වූ “සැණකෙළිය” චිත්‍රපටයට හර්බට් රංජිත් පීරිස් හා එක්ව සම අධ්‍යක්ෂණයෙන් දායක විය.