ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කැමිලස් පෙරේරා මියයයි

ජූලි 22, 2021

 

සරසවිය පුවත්පතෙහි දිගුකලක් ජ්‍යෙෂ්ඨ සහ උප කර්තෘවරයකු ලෙස සේවය කළ ප්‍රවීණ ගීත රචක කැමිලස් පෙරේරා මහතා පසුගිය 17 වැනිදා අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 74 කි.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා වත්තල කල්‍යාණි මාවතේ පිහිටි නිවසේදී 17 වැනිදා දහවල් අභාවප්‍රාප්ත වී තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය 18 වැනිදා වත්තල කතෝලික පොදු සුසාන භූමියේදී සිදුකර ඇත.

හිමිනැති පෙමකට, දේව මන්දීරේ, ආදර ප්‍රිය ළඳුනේ, උන්මාද වූ ප්‍රේමාදරේ වැනි රසික හදවත් ඇදබැඳ ගත් ගීත රැසක්ම ඔහු විසින් රචනය කෙරුණු අතර සප්ත කන්‍යා, මංගල තෑග්ග ඇතුළු චිත්‍රපට රැසක සහාය අධ්‍යක්ෂවරයා ලෙස සහ නිෂ්පාදන කළමනාකරුවෙකු ලෙස ද කටයුතු කර ඇත.