වර්ෂ 2022 ක්වූ August 20 වැනිදා Saturday
ලන්ඩනයේ සිට...

මව්පිය පදවි ලද අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි මේ වන විට වෙසෙනේනේ ලන්ඩනයේය. මෑතකදී අනුෂ්කා ෂර්මා දියණිය වමිකාගේ මාස හයේ උපන්දිනය සමරන පින්තූර පෙළක් සමාජ මාධ්‍ය සමඟ බෙදාගෙන තිබුණි. "ඔබ අප දෙස බලන ආදරය අනුව අප දෙදෙනාට ජීවත් විය හැකි යැයි මම බලාපොරොත්තු වෙමි. අපි තුන්දෙනා මාස 6 ක් සතුටින්" අනුෂ්කා ඒ සමඟ සටහන් කළාය.
ඉන්ස්ටග්රම්හි වාමිකාගේ මුහුණ හෙළි කිරීමෙන් වැළකී සිටීමට අනුෂ්කා සහ විරාත් කෝලි තීරණය කර තිබේ. අන්තර්ජාල පරිශීලකයෙකු වමිකාගේ ඡායාරූපයක් බෙදා දෙන ලෙස ඉල්ලා සිටි විට, විරාත් කෝලි පවසා තිබුණේ, " අපි යුවළක් ලෙස තීරණය කර තිබෙන්නේ අපේ දරුවා සමාජ මාධ්‍යවලට නිරාවරණය නොකිරීමටයි" යනුවෙනි. පසුගියදා අනුෂ්කා ලන්ඩනයේ සිට සෑම විටම මුඛ ආවරණයක් පැලඳීමට රසික රසිකාවන්ටන්ට මතක් කර දෙමින් වීඩියෝවක් ද ඉදිරිපත් කළාය.