6 වසරේදී ගත් ස්වාධීනත්වයේ පළමු තීරණය

ජුනි 10, 2021

පසුගිය 02 වැනිදා සොනාක්ෂි සිංහා සිය 34 වැනි උපන්දිනය සැමරුවාය. එදින ඇය සිය රසික රසිකාවන් සමඟ අතීත මතකයක් බෙදාහදා ගත්තාය. ඒ වරෙක ඇය තමාට පාසලෙන් ඉවත්වීමට අවශ්‍ය බවට දැඩි ලෙස කළ ඉල්ලීමයි. එයට හේතුව ආරක්ෂක භටයන්ය. මේ සමඟ ඔබට බොඩිගාඩ් හින්දි චිත්‍රපටයද සිහිපත් වනවාට කිසිදු සැකයක් නැහැ. මෙකී සිදුවීම සිදු වූයේ සොනාක්ෂිගේ පියා වන ශතෘගන් සිංහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් වීම සමඟිනි. සිංහා පවුල වටා දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි. ඒ වන විට සෝනක්ෂි 6 වැනි පන්තියේ ඉගෙනුම ලබමින් සිටියාය.

එය ඇය පැවසූයේ මෙලෙසිනි. "දැඩි ආරක්‍ෂාව සහිතව තුවක්කුකරුවන් අප සමඟ නිරන්තරයෙන් ගමන් කිරීමට පටන් ගත්තා. මම පාසැලට ගියත් තුවක්කු රැගත් ආරක්ෂක භටයන්ගෙන් පිරුණු ජීප් රථයක් මා පසුපස පැමිණියා". මෙම තත්ත්වය මහා කරදරයක් වූ සෝනක්ෂි තීරණය කළේ පාසල් ගමනට නැවතීමේ තිත තැබීමටයි. ඇය මවට පවසා ඇත්තේ තත්ත්වය යහපත් වන තෙක් තමාට පාසලෙන් ඉවත්වීමට අවැසි බවයි. එය තමාගේ ස්වාධීනත්වයේ පළමු තීරණය බවත් සෝනක්ෂි පවසන්නීය.