සංචරණ සීමාවේ ඇවිදීම

ජුනි 10, 2021

මේ වන විට අප රටද පවතින්නේ සංචරණ සීමාවන්ට යටත්වය. අත්‍යාවශ්‍ය සේවා හැර සෙසු පුද්ගලයන් හට තම නිවෙස්වලින් බැහැර යාම තහනම්ය. කොවිඩ් මාරයා සමඟ සටන් වදින ඉන්දියාවේද තත්ත්වය එසේමය. සාමාන්‍ය ජනතාවගේ ගමන් බිමන් පාලනයට ලක්කර ඇත. තත්ත්වය මෙසේ පවතින විටදී ජ්‍යෙෂ්ඨ නළු නසරුදීන් ෂා බදාදා සවස මුම්බායිහි තම නිවෙස ආසන්න ප්‍රදේශයේ ඇවිදීමට පිටත්ව ගියේය. නමුත් වෙනදා මඟතොටදී හමුවන රසික රසිකාවන් වෙනුවට ඔහු ඉදිරියට පැමිණියේ මුම්බායි පොලිසියේ නිලධාරින් කිහිප දෙනෙකි. ඔවුන්ගේ උපදෙස වූයේ තම නිවෙසෙන් පිටතට නොපැමිණෙන ලෙසයි.

ෂා වහාම ආපසු හැරී තම නිවෙස කරා ඇවිද ගියේය. නමුත් පොලිසිය විසින් නිකුත් කරන ලද උපදෙස් වලට අනුව නසරුදින් ෂා පිටත්ව යන අයුරු කෙසේ හෝ පැපරාසි තෙවැනි ඇසකට හසු වී තිබුණි. නසරුදීන් ෂා සතියකට දෙවරක් හෝ තුන් වතාවක් ඇවිදීමට පිටත්ව යයි. ඔහු සිය බිරිය රත්නා පතක් ෂා, බන්ද්‍රා හි රැඳී සිටින විට ජනප්‍රිය කාටර් පාරේ ශරීර සුවතාවය වෙනුවෙන් ඇවිද යනු දක්නට ලැබීම සාමාන්‍ය දෙයකි. වසංගතය හේතුවෙන් 2020 දී ඔහු මාස ​​අටකට පසු නැවත වේදිකාවට පැමිණියේය. ඒ සිය බිරිය රත්නා විසින් අධ්‍යක්ෂණය කරන ලද ගේබ්‍රියෙල් එමානුවෙල්ගේ 'අයින්ස්ටයින්' ප්‍රසංගය වෙනුවෙනි. ඉන්දියාව වසා තැබූ කාලසීමාවේදී අන්තර්ජාලය හරහා ද එම ප්‍රසංගය වේදිකා ගත කර තිබුණි.