කුකුළා ලකුණ උදව්වට රුවන්

ජුනි 3, 2021

 

 

රුවන් පෙරේරා කියන්නේ අපේ රටේ දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්. නොයෙක් චරිතවලට පණ පොවමින් සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය වර්ණවත් කළ ඔහු ඉදිරියේදී ස්වර්ණවාහිනී නාළිකාවේ මේ දිනවල විකාශය වන "නාඩගම්කාරයෝ" ටෙලිනාට්‍ය හරහා ඔබ හමුවට එන්න නියමිතයි. ඒ නාඩගම්කාරයෙක් විදිහට නම් නෙමෙයි. "කුකුළා ලකුණ මුදලාලිගේ" සගයෙක් විදිහටයි ඔහු "නාඩගම්කාරයෝ" නිර්මාණයට සම්බන්ධ වෙන්නේ. ටෙලිනාට්‍ය බලන ප්‍රේක්ෂකයෝ දන්නවා කුකුළා ලකුණ මුදලාලි ඉදිරියේදී ඡන්දේ ඉල්ලන්න නියමිතයි කියලා. ඔහුගේ ඡන්ද ව්‍යාපාරයට උපකාර කරන්නේ රුවන්ලු.