නිම්මි හරස්ගම බ්‍රිතාන්‍ය සම්මාන උලෙළට නිර්දේශ වෙයි

ජුනි 3, 2021

 

 

සරසවිය සම්මාන දිනූ රංගන ශිල්පිනියක වන නිම්මි හරස්ගම බ්‍රිතාන්‍ය ජාතික ටෙලි සම්මාන උලෙළේ (ඕඊව්ඒ) හොඳම "ටෙලි රංගනය" උදෙසා පිදෙන සම්මානයට නිර්දේශ ලබා තිබෙනවා. ඇය මෙම සම්මානයට නිර්දේශ ලබන්නේ ඊඩඥ ට්ධධඤ ම්චපථච ඩ්ධඵනඪබචත ටෙලිමාලා නාටකයේ තුන්වැන්නෙහි මේරි රොද්රිගේස් නම් හෙද නිලධාරිනියගේ චරිතය වෙනුවෙනි. ඊඩඥ ට්ධධඤ ම්චපථච ඩ්ධඵනඪබචත වෙනුවෙන් සම්මානය සඳහා සුදුසුකම් ලැබූ එකම රංගන ශිල්පිනිය ද ඇය වේ. රංගන ශිල්පිනියන්, ශිල්පින් 72ක් ඕඊව්ඒ හොඳම ටෙලි රංගනය සම්මානය උදෙසා නිර්දේශ ලබා සිටින අතර ඔස්කාර් සම්මාන දිනූ ඔලිවියා කෝල්මන්, ගිලියන් ඇන්ඩර්සන් වැනි ප්‍රවීණ රංගන ශිල්පිනියන් ද ඒ අතර සිටීම විශේෂත්වයක්. සම්මානයට නිර්දේශ වීම පිළිබඳව නිම්මි මෙසේ මාධ්‍යයට අදහස් දක්වා තිබුණා.

 

"දක්ෂ රංගන ශිල්පින්, ශිල්පිනියන් සිටින නිර්දේශ ලැයිස්තුවට ඇතුළත්වීමට ලැබීම සහ මෙම නිර්දේශ ලැබීම මට ඉතා ගෞරවයක් වගේම නිහතමානී ආඩම්බරයක්." ඊඩඥ ට්ධධඤ ම්චපථච ඩ්ධඵනඪබචත සහමුලින්ම මෙරටදී රූපගත කළ ටෙලි වෘත්තාන්තයක් වන අතර, එය මෙරට සම්බන්ධීකරණය කළේ 'ද ෆිල්ම් ටීම්' ආයතනයයි.