රන්ජිත් සිරිවර්ධන මියයයි

මැයි 27, 2021

 

 

ජීවන් කුමාරතුංග සිංහල සිනමාවට එක්වූයේ දුෂ්ට චරිත නිරූපණයටය. එහෙත් ඔහු එම තැනින් ගලවා 80 දශකයේ අගභාගය වන විට ජනප්‍රිය සිනමා වීරයකු බවට පත්කිරිමට පුරෝගාමී වූ සිනමාකරුවකු වන රන්ජිත් සිරිවර්ධන කොවිඩ් වසංගතයට ගොදුරුව අභාවප්‍රාප්ත විය. රන්ජිත්ගේ මුල්ම අධ්‍යක්ෂණය ජීවන්ගේ ප්‍රථම නිෂ්පාදනය වූ අතර එය 1987 වසරේ වැඩිම ආදායම් ලත් චිත්‍රපටයක් වන හිත හොද චණ්ඩියා ය. ජීවන් සිනමාවේ වීරයක් ලෙස අබිසෙස් ලද්දේ එතැනිනි. රන්ජිත් සිනමා අධ්‍යක්ෂණයට එක් රැයින් පිවිසෙයෙකු නොවිණ. ඔහු එයට පෙර චිත්‍රපට ගණනාවක කලා අධ්‍යක්ෂක නමක් දරා සිටියේය. මෙරට සිනමා අධ්‍යක්ෂණ නාමාවලිය සොයා බලද්දී චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි මුල්ම කලා අධ්‍යක්ෂවරයා රන්ජිත් විය යුතුය. ඔහු චිත්‍රපට රාශියකම කලා අධ්‍යක්ෂවරයා ලෙස මෙන්ම සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. හිත හොද චණ්ඩියා චිත්‍රපටය ලද අධි සාර්ථකත්වය නිසාම ඔහු පසුව දිගින් දිගටම චිත්‍රපට අධ්‍යක්ෂණයේ යෙදිණ. අසූව දශකයේ අගභාගයේ බොහෝ දෙනා ජනප්‍රිය චිත්‍රපට ඉන්දියානු සිනමා කෘතින් අනුකරණය කළ ද රන්ජිත් ගේ කිසිදු චිත්‍රපටයක් අනුකරණ චිත්‍රපට නොවිණ, රන්දෙණිගල සිංහයා, රණබිමේ වීරයා, සත්‍යා, යුද ගිනි මැද, කොටි සනා සහ හායි මාස්ටර් ඔහුගේ සෙසු චිත්‍රපට අතර විය. කිරි කඳුළක් ඔහු නිර්මාණය කළ එකම ටෙලි වෘත්තාන්තයයි. රණබිමේ වීරයා නිෂ්පාදකවූයේ ද ඔහුය.