අනේ ඩිංගක් ඉන්නකෝ ලියූ ගී රචකයා සමුගනී

මැයි 6, 2021

 

සී.ටී. ප්‍රනාන්දු විසින් ගායනා කරන ලද ආනේ ඩිංගක් ඉන්නකෝ්, හිර ද අවරේ ගිලිලා, රන් තැටියේ කිරි කැටියේ, කෝ මගේ හා පැටියා, පුංචි තරුව පායලා, වැනි ගී රැසක්ම රචනා කළ ඩී.(දොන්) සී.(සෙලෙස්තීන්) ජයසිංහ මහතා පසුගිය තිස් වැනි දින අභාවප්‍රාප්ත විය. කොළඹ සාන්ත ජෝශප් විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස දිගු කලක් සේවය කළ ඔහු සියලු ගීත රචනා කරන ලද්දේ සී.ටී. ප්‍රනාන්දු වෙනුවෙන් වීම විශේෂයකි. 1932 වසරේ ජනවාරි මස 8 වැනි දින උපන් ඔහු මිය යන විට 89 හැවිරිදි වියේ පසුවිය.