ලීනස් කල්දේරා සමුගනී

මැයි 6, 2021

කලක් සරසවිය පුවත්පතේ ඡායාරූප ශිල්පියෙකු ලෙස සේවය කළ ප්‍රවීණ ඡයාරූප ශිල්පියෙකු වූ ලීනස් කල්දේරා පසුගිය සඳුදා ( 3 වැනිදා ) අභාවප්‍රාප්ත විය. සරසවියට පෙර ආරාධනා, තිරතරු ඇතුළු සිනමා පුවත්පත් කිහිපයකම ඡායාරූප හිල්පියා ලෙස කටයුතු කළ ලීනස් කේෂත්‍රයේ කා සමඟත් සුහදව කටයුතු කළ කෙනෙකි විය. විජය කුමාරතුංගයන් ඝාතනය කළ අවස්ථාවේ ඔහුගේ සුප්‍රකට ඡායාරූපය ලබා ගෙන තිබුණේ ද ලීනස් විසින්ය. ලීනස් එවකට ආරාධනා පුවත්පතේ සේවය කළේය. මිය යන විට 76 වැනි වියේ පසුවූ ඔහු දෙදරු පියෙකි.