ජාත්‍යන්තර වෙළෙඳ පොළට Back to Elephant walk

මැයි 6, 2021

තිකෝ ෆිල්ම්ස් විසින් ජාත්‍යන්තර වෙළෙඳපොල ඉලක්ක කර ගනිමින් ඉංග්‍රීසි බසින් තැනෙන චිත්‍රපටයක රූප ගත කිරීම් මේ දිනවල සිදුකෙරේ. ඕචජඬ බධ ඡ්තඥනඩචදබ ඹචපඬ නම් මෙම චිත්‍රපටය කථානායිකාව ඇමෙරිකාවේ ඉපදී එහි හැදී වැඩුණු ශ්‍රී ලාංකික තරුණියක වටා ගෙතුණකි. මවගේ වියෝවත් සමග ඇයගේ භෂ්මාවශේෂ සමඟ මෙරටට පැමිණෙන ඇය ලංකාවේ සුන්දරත්වයෙන් වසඟ වෙයි. මෙම චිත්‍රපටය හරහා මෙරට සංචාරක ව්‍යාපාරයට ද රුකුලක් වනු ඇතැයි එහි නිෂ්පාදකයෝ විශ්වාස කරති. නිහාල් බණ්ඩාර විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙහි රචනය නිසංකා ජයතිලක ගෙනි. කපිල ගුණතිලක විධායක නිෂ්පාදකවරයායි. තිකෝ ෆිල්ම්ස් ආයතනයේ සභාපතිනිය තිළිණි ප්‍රියමාලි වන අතර කළමනාකාර අධ්‍යක්ෂ ඉසුරු බණ්ඩාරය.