ශි‍්‍රයාණිට ක්ලීටස්ට සම්මාන දෙකක්

මැයි 6, 2021

සම්මානනීය රංගවේදීනි ශ්‍රියාණි අමරසේන හා රංගවේදි ක්ලීටස් මෙන්ඩිස් පසුගියදා දේශාභිමානි කීර්ති කලාභූෂන ගෞරව සම්මානයන්ගෙන් පිදුම් ලද්දේය. මෙරට විවිධ ක්ෂේත්‍රයන්ගේන් තෝරා ගත් විශිස්ටයන් පෙළකට හරසර පිදුණු මේ සම්මාන උලෙළ පැවැත්වයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය. සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරැකීමේ සංවිධානය මඟින් පිරිනැමුණු මෙම උලෙළෙහි ප්‍රධාන අනුශාසක වූයේ ශාස්ත්‍රපති පණ්ඩිත මහෝපාධ්‍යය අති පූජ්‍ය අහුන්ගල්ලේ විමලධම්ම තිස්ස මහා ස්ථවිරයන් වහන්සේය. රංගවේදී රොෂාන් පිලපිටිය මෙම සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයෙකි.