සිනමාශාලා යළි වැසේ

මැයි 6, 2021

පවතින කොවිඩ් වසංගත තත්වය යටතේ යළිත් දිවයින පුරා සිනමාශාලා වසා දැමීමට සෞඛ්‍ය බලධාරීහු පසුගිය සතියේ තීරණය කළහ. පසුගිය වසරේ මාර්තු මාසයේ සිට සිනමා ශාලා වසා දැමු තුන් වැනි අවස්ථාව මෙය බව චිත්‍රපට ප්‍රදර්ශක සංගමයේ සභාපති අනුරාධ රැකව මහතා සරසවියට පැවසීය. මෙවර සිනමාශාලා වසා දමන විට මෙරට සිනමාශාලා සඳහා යළි පේ‍්‍රක්ෂක වර්ධනයක් සිදුවෙමින් පැවැති බව පෙන්වා දුන් ඔහු මේ වසරේ තිර ගත වූ සිංහල චිත්‍රපට අතරින් කලම්බු සහ අලුතින් තිර ගත වීම ආරම්භ කළ කබඩි දෙමළ චිත්‍රපට අතරින් මාස්ටර්, සුල්තාන්, මෙන්ම ඉංග්‍රිසි චිත්‍රපටයක් වූ ගොඩ්සිලා වර්සස් කොන්ග් ද අතිසාර්ථකව තිර ගත වූ බව පැවසීය.

දෙවැනි වර සිනමාශාලා විවෘත කිරීමේදී මෙරට ජනප්‍රිය සිනමාශාලා රැසක් සහමුලින්ම වසා දමා තිබිණ. ඒ අතර මෙට්‍රො නුගේගොඩ, අනුෂා මහරගම, මේකලා ගම්පහ, චන්ද්‍රා අවිස්සාවේල්ල, නයෝමි ගම්පහ, සීගිරි වේයන්ගොඩ, මාෂා පානදුර ඇතුළු ප්‍රධාන පෙලේ සිනමා ශාලා රැසක් ඇතැයි ඒ මහතා සඳහන් කරයි.