නතර නොවන එස්එම්එස්

මැයි 6, 2021

 

කොරෝනා වසංගතය අතරතුර සෝනු සූද් දහස් ගණනකට උපකාර කර ඇත. පසුගිය වසරේ ඔහු සංක්‍රමණික සේවකයින් වෙනුවෙන් ඉන්දියාව වසා දමා තිබියදී ඔවුන්ව ආරක්ෂිතව ගෙදර යැවීමට කටයුතු කරමින් සිටි අතර තවත් පිරිසක් වෙනුවෙන් නවාතැන් පහසුකම් සැපයීමට කටයුතු කළේය. මේ වසරේදී ඔහු කොවිඩ් 19 හේතුවෙන් පීඩා විඳීන්නන්ට උපකාර කිරීම සඳහා දහස් ගණනකට නොමිලේ උපකාර කරන පදනමක් ගොඩනඟා තිබේ. රුපියල් කෝටි 100 ක චිත්‍රපටයක් ලැබීමට වඩා වැඩි තෘප්තියක් ජනතාවට උදව් කිරීමෙන් ලැබෙන බව සෝනු මෑතකදී කළ ට්විටර් පණිවිඩයකින් ද හෙළි කළේය.

පසුව ඔහු සිය ගණනක් පණිවුඩ සමඟ දිගින් දිගටම සිය ජංගම දුරකතනය නඟන අයුරු පවසමින් එහි දර්ශනයක් බෙදා ගැනීමට සමාජ මාධ්‍ය වෙත ගියේය. ඔහු වීඩියෝව සමඟින් සඳහකර සිටියේ,

“රට පුරා ඉල්ලීම් ලැබෙන වේගය. සෑම කෙනෙකුටම ළඟා වීමට මගේ උපරිම උත්සාහය. හැමෝම, කරුණාකර ඉදිරියට එන්න. අපට තවත් උදව් උපකාර අවශ්‍යයි. ඔබේ හැකියාවන් උපරිමයෙන් කරන්න” යනුවෙනි.