සිතුවම් දින නැවතත්

මැයි 6, 2021

 

ජාන්වි කපූර් පවසන්නේ සිත්තම් කිරීමේ දින නැවත පැමිණ ඇති බවයි. පසුගිය වසරේදී කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාව වසා දමා තිබියදී, ඇය සහ ඇගේ සහෝදරිය කුෂි කපූර් බොහෝ විට ඔවුන්ගේ සිතුවම්වල ඡායාරූප බෙදා ගත්තාය. පසුගිය දිනෙක ඇය සිය නවතම සිතුවමේ ඡායාරූපයක් සමඟින්, '' සිතුවම් දින නැවත පැමිණ ඇත '' යනුවෙන් සටහන් කළාය. ජාන්විගේ මව වන දිවංගත බොලිවුඩ් නිළි ශ්‍රීදේවිද චිත්‍ර කලාවට බෙහෙවින් ඇලුම් කළ බව ද පසුගිය වසරේ දින ගන්නට ලැබුණේ දියණියන්ගේ සිතුවම් සහ ශ්‍රීගේ සිතුවම් ඇතුළත්ව අන්තර්ජාලය ඔස්සේ බොනී කපූර් පැවැත්වූ සිතුවම් දැක්ම සමඟිනි.

ජාන්වි අවසන් වරට දකින්නට ලැබුණේ රාජ්කුම්මාර් රාඕ සහ වරුන් ෂර්මා ද රංගනයෙන් දායක වූ ‘රූහි’ චිත්‍රපටයෙනි. පෙබරවාරි 01 වැනිදා සිට කොවිඩ් 19 ආරක්ෂිත පියවර ක්‍රියාත්මක කරමින් රටපුරා සිනමා ශාලා පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට රජය අවසර දීමෙන් පසු සිනමාහල් වෙත පැමිණි පළමු චිත්‍රපටය එයයි.