තඩියාට සුබ මංගලම්

මැයි 6, 2021

වස්ති කියන්නේ යූටියුබ් මාධ්‍යයේ නිතර කතාබහට ලක්වන ජනප්‍රියම යූටියුබ් නාළිකාවක්. එහි තඩියා එසේත් නැති නම් දුලාජ් ජයතිලක පසුගිය 03 වැනිදා විවාහ වුණා. ජයනි ජයතුංග ඔහුගේ අතිනත ගත්තා. වස්ති කණ්ඩායමේ දුලාජ්ගේ සගයා අනුශ්ක උදාන තම ෆේස්බුක් ගිණුමෙන් ඔහුට මෙලෙස සුබපතා තිබුණා.

“සුබ මංගලම් අතිජාත මිත්‍රයා! ඉවසීමෙන් උරුමකරගත් ඔබේ ආදරය සදාකාලික සැනසීමක් වේවා!”