ශලනි වෙනස්වෙලා

මැයි 6, 2021

හොඳම සහ ජනප්‍රියම රංගන ශිල්පිනිය ලෙස වසර දහතුනකට පසුව එකම සම්මාන රාත්‍රියකදී සම්මානනීය වුණු නව පරපුරේ රංගන ශිල්පිනියක් ශලනි තාරකා කියන්නේ. සමාජ මාධ්‍යයට නිරන්තරයෙ විවිධාකාර ඡායාරූප පළ කරන ඈ වෙනස් ආකාරයේ ඡායාරූපයක් පළ කරලා තිබුණා. ඒ "මම ස්නේහා" යනුවෙන් සඳහන් කරලා. ඒ ධනුෂ්ක රත්නායකගේ නවතම ටෙලි නිර්මාණයේ රූගත කිරීම් අතරතුර ගත් ඡායාරූපයක්. එහි පිටපත මහේෂ් රත්සර මද්දුමාඅරච්චිගේ. ප්‍රේක්ෂකයන්ට එය නවතම අත්දැකීමක් වේවි.