ශශිකාගේ චන්ද්‍රා පායයි

මැයි 6, 2021

නිසංසලා කියන්නේ අපේ නව පරපුරේ ප්‍රතිභාපූර්ණ ගායිකාවක්. පසුගියදා ඇගේ නවතම ගීතය යූටියුබ් හරහා මුදා හැරියා. ඒ ගීතයේ නම "චන්ද්‍රා පායන්න". එහි පදමාලාව මනුරංග විජේසේකරගෙන්. ගීතයේ සංගීතය හා තනුව නිර්මාණය කළේ දිනේෂ් ගමගේ. ශබ්ද පරිපාලනය අමිත් ගුරු සහ ගයාන් රැන්ඩි පෙරේරාගෙන්. ශශිකා නිසංසලා ගයන චන්දා පායන්න ගීතයට නිර්මාණාත්මක රූපරචනාවක් චමිල් පතිරණ නිර්මාණය කර තිබුණා. මෙම ගීතය දිනක් තුළ යූටියුබ්හී ලක්ෂ හතරකට ආසන්න පිරිසක් නරඹා තිබුණා.