අධිරාජ්‍යයෙක් එක්ක උපන්දිනයක්

මැයි 6, 2021

පසුගියදා (අප්‍රේල් 29) සම්මානනීය කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය තමන්ගෙ පනස් හයවැනි වැනි උපන් දින සැමරුවා. ඒ විශේෂ තැනක විශේෂ පුද්ගලයන් කිහිප දෙනෙක් එක්ක. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ "ක්ෂීර සාගරය කැලඹිණි" චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල සිදු වෙනවා. ඒ අතරතුර තමයි අපේ කැමරා අධ්‍යක්ෂවරයා එයාගේ උපන්දිනය සැමරුවේ. චිත්‍රපටයේ අධිරාජ්‍යයාගේ චරිතයට පණ පොවන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී. ඔහු අධිරාජ්‍යයාගේ වේශයෙන්මයි උපන්දිනය සමරන්න එකතු වෙලා හිටියේ. මේ අවස්ථාවට මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතුළු චිත්‍රපටයේ කාර්ය මණ්ඩලය එක් වුණා.