චරණ චිත්‍රපට පෙළට මේ සතියේ එක්වන චිත්‍රපට...

අප්‍රේල් 22, 2021

 

චරණ බම වෙතින් සතියේ සෑම දිනකම අලුත් චිත්‍රපටයක අත්දැකීම විදගන්නට ප්‍රේක්ෂක ඔබට දැන් පුළුවන්. සතියේ සෑම දිනකම විකාශය කෙරෙන අතර සතියේ දිනවල දහවල් එකටත්, සතිඅන්තයේ දහවල් දොළහට හා සෙනසුරාදාට දහවල් දොළහට හා රාත්‍රී නවයට චිත්‍රපට දෙකක්. චරණ මේ සතියේ චිත්‍රපට පෙළගැස්ම මෙසේයි. අද දහවල් 1.00 ට දිග හැරෙන්නේ 2019 වසරේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් තිරගත වූ, රාහුල් රවීන්ද්‍රන් අධ්‍යක්ෂණය කළ, ඉන්දියන් රුපියක් කෝටී තිහක වියදමින් අක්කිනේනී නාගාර්ජුන හා පී. කිරන් නිෂ්පාදනය කළ ' මන්මධුඩු 2 ' තෙළිඟු චිත්‍රපටයයි. සමන්තා අඛේනී, කීර්ති සුරේෂ්, අක්ෂරා ගව්ඩා, අක්කේනී නාගාර්ජුන, රාකුල් ප්‍රීත් සිංග්, වෙන්නිල කිෂෝර්, බ්‍රහ්මනාදන් රංගනයෙන් දායක වෙති. අප්‍රේල් 26 වෙනිදා සඳුදා බක් පොහොය හේතුවෙන් එදිනට චරණ චිත්‍රපට විකාශය නොකරේ.

 

අප්‍රේල් 23 වෙනිදා සිකුරාදා

සී යූ සූන් -2020 මලයාලම් චිත්‍රපටය

 

අප්‍රෙල් 24 වෙනිදා සෙනසුරාදා දවහල් දොළහට

ශයිලජා රෙඩි අල්ලුදු- 2018 තෙළිඟු චිත්‍රපටය

 

අප්‍රේල් 24 වෙනිදා සෙනසුරාදා රාත්‍රි 9.00ට

අන්ජාම් පතිරා- 2020 මලයාලම් චිත්‍රපටය

 

අප්‍රේල් 25 වෙනිදා ඉරිදා දහවල් 12.00 ට

මතු වදාලරා -2019 තෙළිඟු චිත්‍රපටය

 

අප්‍රේල් 27 වෙනිදා අඟහරුවාදා

ප්‍රේමසූත්‍රම්- 2018 මලයාලම් චිත්‍රපටය

 

අප්‍රේල් 28 වෙනිදා බදාදා

අර්ජුන් රෙඩි -2017 තෙළිඟු චිත්‍රපටය