මේක ටිකක් කියවන්න කාව්‍ය සංග්‍රහය සහ Watermology - Volume 1 දොරට වඩියි

අප්‍රේල් 22, 2021

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්ය දුලන ගජබා කළුආරච්චි විසින් රචිත මේක ටිකක් කියවන්න කාව්‍ය සංග්‍රහය සහ එචබඥපථධතධඨර - ඍධතභථඥ 1 යන ග්‍රන්ථ ද්වය එළිදැක්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පසුගියදා පැවැත්විණි.

එම අවස්ථාවට සහභාගි වූ මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද ජයවර්ධන, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. මහලියනආරච්චි මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය යන අය විසින් විශේෂ දේශනා පවත්වන ලදී. කොළඹ මහ දිසාපති ප්‍රදීප් යසරත්න, ආචාර්ය රෝහණ වීරසිංහ, ආචාර්ය රවී ලියනගේ, බුද්ධදාස ගලප්පත්ති, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු යන ආරාධිත අමුත්තන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

මැන්ඩලින් වාදනයක්ද ඉදිරිපත් කරමින් උත්සව සභාව වර්ණවත් කළ කතුවරයා ඔහුගේ ගුරුවර ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙයක් ඉටු කරන ලද ප්‍රවීණ වාදන ශිල්පී හේමපාල පෙරේරා ශූරීන් වෙත ගුරු උපහාර පිදීමක් ද සිදු කළේය.