29 වැනිදා සිට උතුරු සුළඟ හමයි

අප්‍රේල් 22, 2021

 

චාමර ජනරාජ්ගේ කුලුඳුල් සිනමා නිර්මාණය "උතුරු සුළඟ" අප්‍රේල් මස 29 වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලා වල සිනමාශාලාවල තිරගත වීමට නියමිතය.

දස දහස් ගණනින් රටට මිනිසුන් අහිමිකළ, ආදරණීයයන් වෙන් කළ, යුද්ධයේ මතක මැදින් යළිත් සිය ජීවිතය ගොඩනංවා ගැනීමට වෙහෙසෙන සෙබළ තරුණයෙකු හා ඔහුගේ ප්‍රේම වෘත්තාන්තය මූලික කරගනිමින් උතුරු සුළඟ නිර්මාණය වී ඇත.

මොහොමඩ් ගානි, කපිල නවරත්න, රසික ජිනසේන, චාමර ජනරාජ් පීරිස් යන සමූහයගේ නිෂ්පාදන වෑයමක් වන උතුරු සුළඟේ කැමරා අධ්‍යක්ෂණය කපිල සුගත් විජේරත්නගෙනි. තුෂානි බුලුමුල්ලගේ ගී පදවලට සංගීතය උදාර ජයකොඩිගේය. චිත්‍රපට සංගීතය ජානක ෆොන්සේකා ගෙනි.

එරංග ජීවන්ත, කාවින්ද්‍යා දුල්ෂානි, ශ්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි අශෝකමාලා, සනත් ගුණතිලක, මීනා කුමාරි, රෝහණ බැද්දගේ වැනි ප්‍රවීණ මෙන්ම නවක රංගන ශිල්පීන් මේ සඳහා රංගනයෙන් දායක වී ඇත.