ෆර්හාන්ගෙන් ඉල්ලීමක්

අප්‍රේල් 22, 2021

මේ වන විට බොහොමයක් බොලිවුඩ් නළු නිළියන් සමාජ මාධ්‍ය ඔස්සේ සිය රසික රසිකාවන් වෙත සමීප වෙමින් සිටී. ඒ ඔස්සේ ඔවුන්ගේ ඉදිරි නිර්මාණ, පෞද්ගලික නවතම තොරතුරු බෙදාහදා ගනිමින් සිටින අයුරු දැකගත හැකිවේ. නළුවකු සේම අධ්‍යක්ෂවරයකු සහ නිෂ්පාදකවරයකුද වන ෆර්හාන් අක්තාර් පසුගියදා සිය ට්විටර් අඩවියට පිවිසියේ ඉන්දීය ජනතාවගෙන් ඉල්ලීමක් කිරීම වෙනුවෙනි. 

 එනම් ගෘහස්ථව රැඳී සිටින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිමටය.

දේශපාලන රැලි සහ ආගමික රැස්වීම් ඇති බැවින් යමෙකු පිටතට නොයා යුතු ආකාරය ගැන ඔහු පැහැදිලි කළේය. එහිදී සම වයසේ මිතුරන්ගේ පීඩනයට ගොදුරු නොවී සිටීම වැදගත් බවද ඔහු පැවසීය.

 

මේ අතර ෆර්හාන් ළඟදීම 'ටූෆාන්' චිත්‍රපටයේ පෙනී සිටිනු ඇත. රකීෂ් ඔම්ප්‍රකාෂ් මෙහ්රා විසින් අධ්‍යක්ෂණය කරන ලද එම චිත්‍රපටයේ ඔහු පණ පොවන්නේ බොක්සිං ක්‍රීඩකයෙකුගේ චරිතයකටයි.