බොලිවුඩය යළි වැසේ

අප්‍රේල් 22, 2021

 

මේ වන විට බොලිවුඩයේ සියලු වැඩකටයුතු යළිත් නවතා දැමීමට සිදු වී ඇත. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සති දෙකක් පුරා ක්‍රියාත්මක ඇඳීරි නීතිය හේතුවෙන් බොලිවුඩයේ චිත්‍රපට රූගත කිරීම යළිත් වරක් අත්හිටුවා ඇත. මේ වනවිට ප්‍රාන්තයේ සියලුම සිනමාහල් වසා තැබීමට ද පියවර ගෙන ඇත. වැඩිවෙමින් පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය මැඩපැවැත්වීමේ උත්සාහයක් ලෙස මහාරාෂ්ට්‍ර රජය විසින් මෙම තීරණය ගෙන තිබේ.

මේ හේතුවෙන් ෂාරුක් ඛාන්ගේ 'පතන්', සල්මාන් ඛාන්ගේ 'ටයිගර් 3', ප්‍රභාස්ගේ 'අදිපුරුෂ්' රූගත කිරීම් අත්හිටුවා ඇත. 'ටයිගර් 3' රූගත කිරීමේදී කත්‍රිනා කයිෆ් කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් චිත්‍රපට කණ්ඩායම විසින් සීමිත කාර්ය මණ්ඩලයක් සමඟ සල්මන්ගේ කොටස් රූගත කෙරුණි. නව තත්ත්වය ප්‍රභාස්, සයිෆ් අලි ඛාන් සහ ක්‍රිති සනොන් රඟපෑ 'අදිපුරුෂ්' සහ තවත් චිත්‍රපට රැසක රූගත කිරීම්වලට ද බලපෑම් කර ඇත.